ABOUT US



ශ්‍රී ලාංකිකයින්ගේ රේඩියෝව

වින්දන , චින්තන පරාසයන් පුළුල් කරන
දැනුම තුළින් දිනුම සොයන ශ්‍රාවකයන් අමතන
නව සංකල්ප තුළින් වඩා දියුණු ලොවක වර්ණ සොයන ශ්‍රාවකයන් උත්තේජනය කරන

මානවවාදයේ සොඳුරුතම රිද්මය හදබසට ගලපන

අපේ රස බස නොනසා
නූතනවාදි දෘෂ්ටියකින්
නවතාවෙන් විශ්වය දකින මග කියන

සාවධාන වින්දනයේ ගුවන්විදුලි සන්නාමය වී FM නාලිකාවයි.

විශේෂ අනන්‍යතා හැඩයක් සහිත රේඩියෝවක් ලෙස 2007 වර්ෂයේ ආරම්භ කළ වී FM රේඩියෝව දහ හතරවන වසරටත් ශ්‍රී ලාංකිකයින්ගේ රේඩියෝව ලෙස ජන හදවත් මත සම්මානනීය සන්නාමයක් තබන නාලිකාවකි.

FM 107 සම්ප්‍රේෂණයෙන්
වින්දන අවකාශයන් ද, චින්තන පරාසයන් ද,
නිර්මාණශීලී ප්‍රවේශයන් ද,
පරිණත මාධ්‍ය භාවිතාවන් ද හරහා
නවීනතම තාක්ෂණ ශක්‍යතාවන් තුළින් වඩාත් සුපැහැදිලි ආවරණයක් ඔස්සේ ජනතාකර්ෂණය දිනාගනිමින් සවිඥානික රේඩියෝ ශ්‍රාවකාගාරයක් සහිතව අනුග්‍රාහකත්වයන්ට වගවන ප්‍රතිඵලදායක රේඩියෝ ප්‍රවණතාකරුවන් ලෙස වගකීම අපේ ප්‍රමුඛතම අභිලාෂයයි.